gravatar

ලංකාව අල්ලේ නැටවීමට ඉන්දියාව සැරසේ


හම්බන්තොට සහ යාපනයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් ඉල්ලයි
altහම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළ සිදු කිරීමට සියලු කටයුත සූදානම්කර ඇති බවයි.
මේවන විටත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹ සහ මහනුවර ස්ථාපිත කර ඇත. මීට පෙර ඉන්දියාවේ සංචාරය කරන උතුරුකරයේ ජනතාව සදහා වීසා ලබාදීමට යැයි පවසමින් අමතර කොන්සල් කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කරන ලෙස ඉන්දියාව බලපෑම් කළ අතර දැන් එය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් දක්වා වර්ධනය කරන ලෙස ඉන්දීයාව පවසයි. එමෙන්ම උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටී.
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු රාශියක් ඉන්දියාව මේවන විටත් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රොමේස් ජයසිංහ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරයේදී රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් බැසිල් රාජපක්ෂ මහතා සහ රොමේස් ජයසිංහ මහතා එම සංචාරය හදිසියේ අවලංගු කිරීම නිසා එය ව්‍යර්ථවී තිබිණි.
ඒ අනුව, ජනාධිපතිවරයා‍ගේ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක සංචාරයක් වනු ඇත.

gravatar

මමනම් හිතන්නෑ ඔය කියන කියන ව්දියට මහින්ද ඉන්දියවට යට වේයි කියලා.
බලමුකො මොකො වෙන්න කියලා.