Showing posts with label NEWS. Show all posts

gravatar

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්PDFPrintE-mail



පෘතුවියට ඉහළින් තිබෙන චන්ද්‍රිකාවක සංඥා භාවිතා කරමින් තමා සිටින ස්ථානය නිවැරදිව දැනගැනීමටත් ඒ අනුව තීරණ ගැනීමටත් හැකියාව ලැබෙන නවතම තාක්ෂණය මුල්වරට ලංකාවට හඳුන්වාදෙයි.

මේ අනුව, සීමාසහිත සාලා ජියෝ ඉන්ෆොමේෂන් සිස්ටම්ස් නම් සමාගම විසින් “සාලා ප්‍රෝ සැට්” නමින් මෙම තාක්ෂණය ලංකාවේ පාරිභෝගිකයින් වෙත එළිදක්වා තිබෙන අතර මෙම උපකරණය භාවිතා කිරීම මගින් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී තමා සිටින ස්ථානයත්, ඉන්ධන පිරවුම් හල්, ATM යන්ත්‍ර, බැංකු, රෝහල්, හෝටල්, උද්‍යාන, පොලිස් ස්ථාන ඇතුළු 100,000 කට වැඩි මංසලකුණුත් ගැන නිවැරදි තොරතුරු ලබාදෙන බව එම සමාගම කියයි.
මෙම උපකරණය තමන්ගේ වාහනයේ සවිකර ගන්නේ නම් කිසිදු පුද්ගලයෙකුගෙන් තොරතුරු විමසන්නේ නොමැතිව තමන්ට අවශ්‍ය තැන්වලට ගමන් කළ හැකි බවත් උපකරණය විසින් මංමාවත් සහ තමන්ට අවශ්‍ය ස්ථාන ඒවාට ඇති දුර නිවැරදි ලෙස පවසන බවත් සමාගම සඳහන් කරයි.
මේ නිසා, යම් මාර්ගයක තදබදයක් තිබෙනවා නම් එය කල්තියා දැනගැනීමේ හැකියාව කුඩා රූපවාහිනී තිරයක් වැනි තිරයක් සහිත මෙම උපකරණයට ලැබෙන චන්ද්‍රිකා සංඥා මගින් හැකිය.
“සාලා ප්‍රෝ සැට්” යනු, නවතම GPS ගවේෂණ පද්ධතියක් බවත් මෙය ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණය පදනම් වූ රේඩියෝ තොරතුරු ගවේෂණ පද්ධතියක් බවත් සාලා GIS සමාගමේ, කළමනාකරණ අධ්‍යක්ෂ, චින්තක විජේවික්‍රම පැවසීය.
ශ්‍රී ලංකාවේ ඕනෑම ලිපිනයක් තනිව සොයා ගනිමින් කෙටිම කාලයකින් එම ස්ථානයට ළඟාවීමට අවශ්‍ය තොරතුරු මෙම GPS ගවේෂණ පද්ධතියෙන් ලබාදෙන බව හෙතෙම කීය.
අඟල් 3.5 ක් වන “සාලා ප්‍රෝ සැට්” උපකරණයක් රුපියල් 35,000 කටත්, අඟල් 4.3 ක් වන එවැනි උපකරණයක් රුපියල් 42,000 කටත්, අඟල් 05 ක් වන උපකරණයක් රුපියල් 49,000 කටත් සිය සමාගම අළෙවි කරන බව, චින්තක විජේවික්‍රම මහතා කීය.

 

gravatar

did u check the vehicle prices???????

toyota premio 2010 latest edition=6.5million(before tax reduction it is about 8.8million)
toyota allion 2010 latest edition =6.5 million
toyota axio is about 4.5million(before tax reduction 6.2million)

gravatar

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි
school_girl.jpg
අනුරාධපුර ප්‍රධාන රජයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකු පාසල තුළ මත්පැන් පානය කිරීම නිසා පාසලෙන් නෙරපා ඇත. ගිය සිකුරාදා දැරියන් තිදෙනා පන්ති කාමරයේ මේස මත හිස් තබාගෙන නිදාගෙන සිටිනු දුටු ගුරුවරියක මේ පිළිබද විමසිලිමත්වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී ඔවුන්පාසල තුළ මත්පැන් පානය කර ඇති බව ගුරුවරුන් විසින් සොයාගෙන ඇති අතර එක් සිසුවියකගේ පාසල් බෑගයේ තිබී අඩක් භාවිතාකරන ලද මත්පැන් බෝතලයක්ද සොයාගෙන තිබේ.  

gravatar

Facebook / MySpace / Tagged / orkut /etc.... To ban in Sri Lanka.

popular Social networks will be likely to ban in Sri Lanka by the Government. Telecom sources confirmed that popular social networks will be ban in near future. Since it has taken as a threat for younger generation and the national security. Pakistan Also going to ban Facebook. and Also Bangladesh Announced that they ban Facebook due to Religion reasons.

අනිච්චාවත සන්කාරා.... 

gravatar

ලංකාව අල්ලේ නැටවීමට ඉන්දියාව සැරසේ


හම්බන්තොට සහ යාපනයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් ඉල්ලයි
altහම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළ සිදු කිරීමට සියලු කටයුත සූදානම්කර ඇති බවයි.
මේවන විටත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹ සහ මහනුවර ස්ථාපිත කර ඇත. මීට පෙර ඉන්දියාවේ සංචාරය කරන උතුරුකරයේ ජනතාව සදහා වීසා ලබාදීමට යැයි පවසමින් අමතර කොන්සල් කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කරන ලෙස ඉන්දියාව බලපෑම් කළ අතර දැන් එය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් දක්වා වර්ධනය කරන ලෙස ඉන්දීයාව පවසයි. එමෙන්ම උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටී.
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු රාශියක් ඉන්දියාව මේවන විටත් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රොමේස් ජයසිංහ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරයේදී රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් බැසිල් රාජපක්ෂ මහතා සහ රොමේස් ජයසිංහ මහතා එම සංචාරය හදිසියේ අවලංගු කිරීම නිසා එය ව්‍යර්ථවී තිබිණි.
ඒ අනුව, ජනාධිපතිවරයා‍ගේ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක සංචාරයක් වනු ඇත.

gravatar

වෙසක් තොරණ බලමු

වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.

දෙමටගොඩ වෙසක් තොරණ
දහම් සොඬ ජාතකය





ගම්පහ
මුඩුලක්ඛන ජාතකය




කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
සිරි දළදා කතා වස්තුව




ගම්පහ දුම්රියපොල
පදුම කතා වස්තුව




කැළණිය රජමහා විහාරය
ඛදිරoගාර ජාතකය




පෑලියගොඩ
සවනක් රැස්




පිටකොටුව - බැස්ටියන් මාවත
තේලපන්ත ජාතකය




වැලිකඩ බන්ධනාගාරය
බක ජාතකය




බොරැල්ල
උම්මග්ග ජාතකය




fn!oaOdf,dal udj;
iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§




තොටළග
සුමන මල්කරු

gravatar

Ban Boycottsrilanka.com

මචංලා... අපි සෙට් වෙලා කොහොම හරි මේ වැඩ නතර කරන්න ඕනේ. අප ඔක්කොම සෙට් උනොත් කරන්න බැරි වැඩක් නැහැ.
Ban Boycottsrilanka.com
Sri Lanka was re-born after a long, tough period of war which brought death to thousands of innocent people and soldiers. After 30 years of fear, finally a decision was made by Sri Lankan government to bring this war to an end. Now it's over. People in Sri Lanka can breathe the fresh air of peace and harmony. But the truth is that this terrorist organisation was not completely destroyed, and still there are some roots of it, spreaded all over the world. Nowadays their main target is the economy of Sri Lanka. "Boycotting" is their newest weapon. The web site I've mentioned in the topic "Boycottsrilanka.com" is the best example for this case.

"If it's made in Sri Lanka, put it down" , "Genocide in Sri Lanka" , "Boycott Products made in Sri Lanka".. these are a few of lines which are displayed everywhere in this site. They also ask to sign a pledge, inviting people to join their boycotting mission. A naked attempt to break down the textile industry in Sri Lanka. They are spending a very large amount of money for producing video advertisements that gives the message "Boycott Products made in Sri Lanka" and for telecasting them on international cable TV channels. These advertisements are proffessionally produced under a quite big budget.

gravatar

අසභ්‍ය වෙබ් අඩවි

ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බම්බලපිටිය ළමා අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එවැනි අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව එම කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලදී එවැනි අසභ්‍ය වෙබ් අඩවි 50 ක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව එවැනි වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තා කිරීම සඳහා ජංගම දුරකතන සමාගම්වල කළමනාකරුවන්ට ලබන දෙවැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ද ළමා අධිකරණයේ විනිසුරුවරිය දැනුම් දී තිබේ.