gravatar

ජැකී චැන්ගේ රස්සව

 මOජුලයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කිරි බණ්ඩියාත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට කිරි බණ්ඩියා ආවා.

“මචන්"

“හ්ම්..”

“උඹ ෆිල්ම් බලනවාද?”

“ඔව්.. මොකෝ?”

“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”

“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”

“නෑ බං රස්සව”

“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”

“නෑ බං රස්සව… චිත්‍රපටිය”

“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”