gravatar

a

a

gravatar

a

a

gravatar

a

a

gravatar

කෙල්ලෝන්ට "talk" කරන්න ගිහින්...........

මේක මගේ යලුවෙක්ට උන පොඩි සිද්දියක්... මෙයා ඉන්නේ ටිකක් ඩොටේ ගමක...(phone වලට සිග්නල් නෑහෑ)ඒත් ඉතින් කියන්නේ දකුණේ කියලා. 

මිනිහා කෙල්ලෙක් නෑතුව දෑන් සෑහෙන කල් "ක‍රවෙනවා". ඉතින් දවසක් campus ගිහින් අපහු බෝඩිමට එන ගමන් කෙල්ලෝ හත‍ර දෙනෙක් අපිට ඉස්ස‍්රහින් යනවා. ඔන්න දෑන් අපේ යාලුවාට ටිකක් අමාරුයි (එකාලේ නම් මිනිහට නාඩි වටෙන ඔන එකක් හ‍රි). දෑන් ඌ අපෙන් අහනවා ඒ කෙල්ලොන්ට "talk" ක‍රමුද කියලා. 

අපිට නම් ඒ කෙල්ලො සෙට් එක දක්කම අපිට හිතුනේ "talk" ක‍රොටත් නම් නාගන්න වෙනවා කියලා.. එත් අපි යාලුවට කිව්වා පුරුදු වෙන්නත් එක්ක ගිහින් "talk" ක‍රපන් කියලා. 

දෑන් ඔන්න බුවා යනවා... ගිහින් වීරයා වගේ අහනවා ගෙවල් කොහේද කියලා (මුගේ නොදන්නාකමට මු එකවෑර 4 දෙනාටම "talk" කලා). අර කෙල්ලො ගත්ත කටටම අහුවා "අයි එන්නද ?" කියලා. මු මුණ බෙරි ක‍රගෙන අපි දිහා බලනවා. අපි පොරව තවත් දිරිමත් කලා. කෙල්ලොන්ට "talk" ක‍රන්න ගිය එකාට ඒ කෙල්ලොටික නෑතිවෙන්න "talk" ක‍රනවා. අපේ යාලුවාත් "talk" අහගෙන, දත්මිටි කාගෙන පස්සෙන් යනවා. (කෙල්ලො 4ක් එක්ක කොල්ලෙක් හිටු කියලා නෝන්ඩි වෙවී පාරෙ යනවා හිතාගන්න පුලුවන්නේ).

කොහොම හ‍රි ඔන්න බොඩිම ලගට අවා. අපේ යාලුවා ටක් ගලා ඈතුලට ගියා. ගිහින් පොලවෙ පස් කාගෙන කියනවා මුලු ජීවිත කලේම කෙල්ලොන්ට "talk" කලේ 4-5 පාරක්ලු... එත් මේ වගේ කෑමක් කවදාවත් කාලා නෑහෑලු..

 :)

gravatar

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්PDFPrintE-mail



පෘතුවියට ඉහළින් තිබෙන චන්ද්‍රිකාවක සංඥා භාවිතා කරමින් තමා සිටින ස්ථානය නිවැරදිව දැනගැනීමටත් ඒ අනුව තීරණ ගැනීමටත් හැකියාව ලැබෙන නවතම තාක්ෂණය මුල්වරට ලංකාවට හඳුන්වාදෙයි.

මේ අනුව, සීමාසහිත සාලා ජියෝ ඉන්ෆොමේෂන් සිස්ටම්ස් නම් සමාගම විසින් “සාලා ප්‍රෝ සැට්” නමින් මෙම තාක්ෂණය ලංකාවේ පාරිභෝගිකයින් වෙත එළිදක්වා තිබෙන අතර මෙම උපකරණය භාවිතා කිරීම මගින් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී තමා සිටින ස්ථානයත්, ඉන්ධන පිරවුම් හල්, ATM යන්ත්‍ර, බැංකු, රෝහල්, හෝටල්, උද්‍යාන, පොලිස් ස්ථාන ඇතුළු 100,000 කට වැඩි මංසලකුණුත් ගැන නිවැරදි තොරතුරු ලබාදෙන බව එම සමාගම කියයි.
මෙම උපකරණය තමන්ගේ වාහනයේ සවිකර ගන්නේ නම් කිසිදු පුද්ගලයෙකුගෙන් තොරතුරු විමසන්නේ නොමැතිව තමන්ට අවශ්‍ය තැන්වලට ගමන් කළ හැකි බවත් උපකරණය විසින් මංමාවත් සහ තමන්ට අවශ්‍ය ස්ථාන ඒවාට ඇති දුර නිවැරදි ලෙස පවසන බවත් සමාගම සඳහන් කරයි.
මේ නිසා, යම් මාර්ගයක තදබදයක් තිබෙනවා නම් එය කල්තියා දැනගැනීමේ හැකියාව කුඩා රූපවාහිනී තිරයක් වැනි තිරයක් සහිත මෙම උපකරණයට ලැබෙන චන්ද්‍රිකා සංඥා මගින් හැකිය.
“සාලා ප්‍රෝ සැට්” යනු, නවතම GPS ගවේෂණ පද්ධතියක් බවත් මෙය ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණය පදනම් වූ රේඩියෝ තොරතුරු ගවේෂණ පද්ධතියක් බවත් සාලා GIS සමාගමේ, කළමනාකරණ අධ්‍යක්ෂ, චින්තක විජේවික්‍රම පැවසීය.
ශ්‍රී ලංකාවේ ඕනෑම ලිපිනයක් තනිව සොයා ගනිමින් කෙටිම කාලයකින් එම ස්ථානයට ළඟාවීමට අවශ්‍ය තොරතුරු මෙම GPS ගවේෂණ පද්ධතියෙන් ලබාදෙන බව හෙතෙම කීය.
අඟල් 3.5 ක් වන “සාලා ප්‍රෝ සැට්” උපකරණයක් රුපියල් 35,000 කටත්, අඟල් 4.3 ක් වන එවැනි උපකරණයක් රුපියල් 42,000 කටත්, අඟල් 05 ක් වන උපකරණයක් රුපියල් 49,000 කටත් සිය සමාගම අළෙවි කරන බව, චින්තක විජේවික්‍රම මහතා කීය.